(රංජන් කස්තුරි)
අංගොඩ උණ රෝහලේ අද (19) වන විට කිසිදු සැක සහිත උණ රෝගියකු නොසිටි බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
නව කොරෝනා උණ රෝගය වැළඳී ඇති බවට සැක රෝගීන් ඉකුත් ජනවාරි මස 25 වැනිදා දිනෙන් පසුව 128 දෙනකු ඇතුළත් කළ බවද ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවද අධ්‍යක්ෂකවරයා කීවේය.
ඒ අනුව නව කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැක සහිත ශ්‍රී ලාංකිකයින් 79දෙනෙකු, චීන ජාතිකයින් 32දෙනෙකු සහ තවත් විදේශීකයින් 17දෙනෙකු උණරෝහලේ නැවතී ප්‍රතිකාර ලැබූ බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd