(රවින්ද්‍ර විරාජ් අබයසිරි )
මාතලේ අඹගහමුල බස් නැවතුම්පළේ බස් රථ රියදුරුවරු සහ කොන්දොස්තරවරු බස් රථ ධාවනය නවත්වා අද(19) විරෝධතාවක් පැවැත්වූහ.
අඹගමුව බස්නැවතුම්පළ වෙත පැමිණෙන අතිරේක බස් රථ ගාල් කිරීමට නොහැකිවන අන්දමින් කාණුවක් ඉදි කිරීමට මාතලේ මහ නගර සභාව සූදානම්වීමට විරෝධය දැක්වීම මෙහි අරමුණ විය.
පෙර දැනුම්දීමකින් තොරව නගරාධිපතිවරයාගේ අභිමතය අනුව කාණුවක් කැපීම නිසා බස් රථ ගාල් කිරීමේ හැකියාවක් නොමැති බව පැවසූ විරෝධතාකරුවෝ කාණුව කැපීමට ගෙන ආ නගර සභාවේ බැකෝ යන්ත්‍රයට පිටවීමට ඉඩ නොදෙමින් මඟ හරස්කරමින් උද්ඝෝෂණයේ නිරතවූහ.
පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාව පැවතිණි.
මාතලේ මූලස්ථාන පොලිසියේ මැදිහත්වී මෙම කාණු කැපීම තාවකාලිකව නතර කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ජනතාව විසිර ගියහ.


2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹගහමුල බස්රථ රියදුරු - කොන්දොස්තරවරු විරෝධතාවයක