IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි

(එම්. සුසිල් ප්‍රියන්ත)
 
සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවට සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් විරුද්ධවීම නිසා අද (10) පස්වරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික සභා රැස්වීම උණුසුම්විය.
 
සභා වාර් යෝජනාව පිළිබදව පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ, එම පක්ෂයේම සරත් ශ්‍රීලාල් මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාහුල ලලිතවික්‍රම මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග දැඩි උණුසුම් වචන හුවමාරුවකද පැටලී සිටිනු දක්නට ලැබිණ.
 
මේ වචන හුවමාරුව මධ්‍යයේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභාව උප සභාපති කමල් වැල්ලගේ මහතාට භාරදී යාමට සූදානම්වූ අවස්ථාවේදි ප්‍රශ්නය මග හැර යන්න එපා යයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කළහ.
 
අවසානයේදි සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදිය යුතු බව පවසමින්  උප සභාපති කමල් වැල්ලගේ මහතා  යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රාහුල ලලිතවික්‍රම මහතා ස්ථීර කළේය.
 
මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදි පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ මහතා ගෙන ආ යෝජනාවට පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු හැර අනෙක් මන්ත්‍රීවරුන් සමග එක්සත් ජාතික පක්ෂය,එකසත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂව ඡන්දය ලබාදුන් අතර සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
 
සභා වාර්ථාව හඬ පටයකින් ලබාදීමේ සිද්ධිය නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය නිසා මීට සතියකට පෙර පැවති සභා රැස්වීම එය පවත්වා විනාඩි 26කින් පසුව කල් තැබුණු අතර එයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භය තුල උද්ඝෝෂණයකද නිරතවූහ.
එම කල් තැබුණු සභා රැස්වීම අද (10) පස්වරු 2.30ට අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්ථකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.



අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site