(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 4000කට ආසන්න පිරිසක් සිය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා පැවසිය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගින් සදහා වාට්ටු දෙකක්ද,අර්ධ වාට්ටු හතක්ද,මෙත්සිරි සෙවණ කොරෝනා රෝගි මධ්‍යස්ථානයේ දැඩි සත්කාරක ඇදන් 12 ක්ද අධි සත්කාරක ඇදන් 37 ක්ද වෙන් කොට ඇතැයි හෙතෙම පැවසිය.
එසේම කොරෝනා රෝගින්ට ප්‍රතිකාර සිදුකරන අතර වාරයේ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දිනකට 10 දෙනෙකුට ආසන්න පිරිසක්ද කොරෝනා රෝගයට ගොදුරු වන බව වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා මෙහිදි පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.