(උපාලි රණවීර)
කිරිඳිවෙල මීතිරිගල ප්‍රදේශයේ කුකුල් ගොවිපලකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් 77 ඇවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි කිරිඳිවැල පොලිසිය පැවසීය.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීතිරිගල වටවල පදිංචි ඒ චන්ද්‍රසේකර නැමැති දෙදරු පියෙකි.
මියගිය අය එම ගොවිපලට යාබදව පිහිටි ඔහුගේ ඉඩමක තිබූ වගාවක් බැලීමට ගොස් සිටි අවස්ථාවේදී ඇදහැලුණු වර්ෂාවට ආවරණය වීම සඳහා එම ගොවිපල ගොඩනැගිල්ල ළඟට ගිය අවස්ථාවේදී එම විදුලි රැහැන් එහි පැටලී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එම කුකුළු ගොවිපළ හිමිකරු රාත්‍රී කාලයේ දී සොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා එම අනවසර විදුලි සෑහෙන ඇද තිබූ බවත් දහවල් කාලයේදී එය විසන්ධි කිරීමට අමතක වීමත් හේතුවෙන් මෙම ඒ හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇතැයි පොලිසිය කියයි .
එම ගොවිපල හිමිකරු මේ වෙන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd