(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වල් අලියකු ගොඩ ගැනීමේ මෙහෙයුමක් අද (15) රාත්‍රීයේ ආරම්භ කළ බව වනජීවි නිලධාරීහු පැවසූහ.
වන අලියෙකු අනාරක්ෂිත ළිඳකට වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව වනජීවි නිලධාරීහු පැවසූහ.
දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් වන අලියා දුර්වල තත්වයේ පසුවන බවද වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd