(දිල්රුක්ෂි ග්‍රේරු)
ත්‍රිරෝද රියක ගැටීමකින් අනතුරට ලක් වු වයස අවුරුදු 7ක දරුවකු බේරා ගැනිමටගිය පොලිස් කොස්තාපල්වරයකු බසයක ගැටීමෙන් අනතුරට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.
අතුරුගිරිය පොලිසියට අනියුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා පාදුක්කේ පිහිටි සිය නිවසට යන අතරතුරදි අතුරුගිරිය ගොඩගම මාර්ගයේදි මෙම අනතුරට ලක්ව ඇත.
සිය යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේදි ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රියක වයස අවුරුදු 7ක දරුවකු ගැටී අනතුරට ලක්වී දරුවා මාර්ගයේ මැදට විසි වනු දුටු කොස්තාපල්වරයා යතුරුපැදිය මාර්ගය අයිනේ පෙරලා දමා දරුවා බේරා ගැනිමට යාමේදි මෙම අනතුර සිදු ඇතිබව පරීක්ෂණ වලදිඅනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව තුවාල ලැබු කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට සහ අනතුරටපත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධව පෞද්ලික බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතිඅතර දරුවා අනතුරට ලක් කර පලාගිය ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනතුරින් දරුවකු බේරා ගැනීමට ගිය කොස්තාපල් බසයක ගැටී රෝහලේ