(රංජිත් රාජපක්ෂ)
අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි ගල් ගුහාවක් මත තිබී සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචි කාවින්ද මදුසංඛ නැමති 17 හැවිරිදි සිසුවෙකි.
දින පහක් තිස්සේ ඔහු අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ දෙමාපියන් විසින් නාවලපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය ඇතිව ප්‍රදේශය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
ඒ අනුව නිවස ආසන්නයේ තිබූ ගල්ගුහාවකින් මළ සිරුර හමුවී ඇත.
මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd