බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මීට දිනකට පෙර අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයෙහි බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී අද (28 ) හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම අටුලුගම පදිංචි ජෙමීම් මොහොමඩ් අබ්දුල්ලා නැමැති 22 හැවිරිදි තරුණයායි.
මිය ගිය තරුණයා ඊයේ උදේ නිවසින් පිට වී යන අයුරු එම නිවසේ සවි කර තිබෙන සීසීටීවී කැමරාවේ සටහන්ව තිබෙන බව පොලිසිය සදහන් කරයි .
මළ සිරුර පා වෙමින් තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද කැදවා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.