(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයට පත් ව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළු පවුලේ අය පදිංචි නිවස අවට වෙසෙන පුද්ගලයන් විසි දෙනෙකු අද(21) පි සී ආර් පරීක්ෂනයට භාජනය කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .
පිරිමින් සහ කාන්තාවන් ගෙන් සමන්විත එම පිරිස අහබු ලෙස තෝරා ගත් බව අධ්‍යක්ෂක වරයා කීය.
රෝගී තත්ත්වයට පත් උප තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු මේ වන විටත් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
උප තැපැල් ස්ථානාධිපතිනියගේ පුතෙකු ඉකුත් මස 17 දින ඩුබායි රටට ගොස් මෙරට පැමිණීමෙන් අනතුරු ඔහු රෝගී තත්ත්වයට පත් වීමෙන් පසු රෝහල් ගත කළ අතර එදින සිට 31 දක්වා සිව් දිනක් තුළ පවුලේ සෙසු සාමාජිකයන් රෝග ලක් රෝග ලක්ෂණ පහළ පහළ කිරීම හේතුවෙන් රෝහල් ගත කෙරිණි.
මේ හේතුවෙන් ඉකුත් මස 28 වෙනිදා සිට මෙම මස 17 දින දක්වා අටලුගම ගම්මාන හතක් හුදකලා තත්ත්වයට පත් කෙරේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.