
(එච්. එම්. ධර්මපාල)
වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳී සිටිමින් ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු 'අඟුලානේ සනා' නැමැත්තාගේ සහායිකාවක හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කියති.
පොලිසිය ලද තොරතුරකට අනුව අගුලාන සයුරුපුර නිවාස සංකීර්ණය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් සැකකාරිය අඟුලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක බව අනාවරණය කරගෙන ඇත.
මාස 9ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට, මීට දින දහයකට පෙර ඇප මත නිදහස්ව පැමිණි අයකු බවට තොරතුරු පොලිසිය හෙළි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd