(දයාරත්න ඇඹෝගම)
මිහින්තලය බස් නැවතුම්පල ඉදිරිපිටදි ගුටිබැට හුවමාරැ කරගත් පාසල් සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මිහින්තලය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් අතර මෙම ගුටිබැට හුවමාරුවක් සිදුවන බවට පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් එම අත්අඩංගුවට ගෙන තිබුණි.
එකම පාසලේ දහය ශ්‍රේණිය හා එකොළහ ශ්‍රේණියේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය කියයි.
මොවුන්ගේ ගුටිබැට හුවමාරුවට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැත.
අත්අඩංගුවට ගත් පාසල් ළමුන්ගේ මව්පියන්ද කැදවා යළිත් මෙවැනි කටයුතු සිදු නොකිරිමට වගබලා ගන්නා ලෙස අවවාද කර මෙම සිසුන් ඔවුන්ගේ මාපියන් වෙත භාර දිමට කටයුතු කරන ලද බව පොලිසිය පැවසිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අකුරු කරන්න ගිහින් ගුටි ඇන ගත් සිසුන් 6ක් අල්ලයි