(ආනන්ද ඉ ජයකොඩි)
මහ රෑ නිවසකට පැන රුපියල් හතළිස් දහසක් වටිනා වී ගෝනි 10 ක් සොරා ගෙන ගොස් සැගවී සිටි බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දීමෙන් අනතුරුව වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නුන්ගමුව පොලීසිය පවසයි.
උතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ ( 03) පස්වරුවේ අල්ලා පොලීසියට භාර දීමෙන් අනතුරුව ඔවුන් පරීක්ෂා කිරීමේදී දෙදෙනාටම තුවාල සිදු වී තිබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ එසේ රෝහල් ගත කළ බවද පොලීසිය කීය
උතුවන්බෝගහවත්ත ප්‍රදේශයේම නිවසකට පසුගිය අප්‍රේල් මස 26 වනදා රාත්‍රී ඇතුල් වී එහි තිබූ රුපියල් හතළිස් දහසක් වටිනා වී ගෝනි දහයක් සොරා ගෙන යාම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී සැකකාර සහෝදරයින් දෙදෙනා පැන ගොස් සිටි බවද පොලීසිය කියා සිටියේය.
මොවුන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන ගිය වී තොගය සහල් බවට පත් කොට රුපියල් තිස් දෙදහස් පන්සීයක මුදලකට විකුණා ඇති බවත් එම මුදල් පොලීසිය භාරයට ගත් බවද පොලීසිය කියා සිටියේය.
මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවද පොලීසිය කීය.
නුන්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරසිංහ හා එහි උප පොලිස් පරීක්ෂක සුමිත් ජනරංජන යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම ආගමික ස්ථානවල බැංකු ගිණුම් සහ එම ස්ථාන භාරකාරත්වය ඇති පූජ්‍ය, පූජක පාර්ශවයන්ගේ බැංකු ගිණුම් ගැන විමර්ශනය කරන්න. ඩොලර් හිඟයට යම් විසඳුමක් ලැබේ.