(ශාන්ත චන්ද්‍රසිරි)
බිලිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය, මාගස්තොට, ඉහළ වැව පාරේ, නේස්බි තේ වතුයායේ තේ පඳුරු අතර දමා ගොස් තිබියදී අද (18) සොයා ගත්බව නුවරඑළිය පොලිසිය පවසයි.
එක් බිළිඳෙකුගේ මළ සිරුරක් වතු කම්කරුවන් දැක ඒ බව පොලිසියට දැනුම්දී ඇති අතර ඉන් පසුව පොලිසිය පැමිණ කළ ස්ථානීය පරීක්ෂණයේදී තවත් බිලිඳු මළ සිරුරක් ඊට යාබදව තිබි හමුවී ඇත.
ඉපදී කෙටි කාලයක් ඇතුළත මෙම බිලිඳු මළ සිරුරු දෙක මෙසේ තේ පඳුරු තුළට දමා සගවා යන්නට ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
පිරිමි හා ගැහැණු දෙවර්ගයට අයත් මෙකී බිලිඳු මළ සිරුරු ඇතැම්විට නිවුන් දරුවන් විය හැකි බව පොලිසිය සැක කරන අතර ඔවුන් චීත්ත රෙදි දෙකක ඔතා එම ස්ථානයට ගෙවිත් දමා තිබිණි.
බිලිඳු මළ සිරරු දෙක දැනට නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව නුවරඑළිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මතු බුදුවන අම්මලා...
මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා මේ ප්‍රවෘත්තිය කියවලා. දරු සම්පතක් ලබාගන්න බැරුව කී දෙනෙක් දුක් වෙනවද ? නිවුන් දරු සම්පතක් ලබාගන්න වාසනාවක් ලැබුන කෙනෙක් එහෙව් සම්පතකට මෙවන් අපරාධයක් කරේ ඇයි ? බුදුන් වැඩිය දේශයට මෙවන් ඉරණමක් අත් වෙලා තියෙන්නේ ඇයි?
කාගේ පවටද අහිංසක බිළින්දන් බිලිවුණේ ?