
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
තේ වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (25) දහවල් ඇල්පිටිය පොරවගම මාර්ගයේ උද්ඝෝෂණයක් හා විරෝධතා රථ වාහන පෙලපාලියක් පැවැත්විණ.
කුඩා තේවතු හිමියන්ගේ ජාතික සංවිධානය,රුහුණු වැවිලිකරුවන්ගේ සංවිධානය,තේ පැළ තවාන්කරුවන්ගේ සංගමය ඇතුළු තේ වගාවට සම්බන්ධ සංවිධාන රැසක් මේ උද්ඝෝෂණය හා විරෝධතා පෙලපාලිය සංවිධානය කොට තිබිණ.
තේ කර්මාන්තයට අවශ්‍ය පොහෝර කඩිනමින්ම නොලැබුණහොත් රටේ තේ කර්මාන්තය මුළුමනින්ම විනාශවී යන බව මේ විරෝධතාවට සම්බන්ධවූ පිරිස් පැවසූහ.
මේ අවස්ථාවට කුඩා තේවතු හිමියන්ගේ ජාතික සංවිධානයේ සභාපති නිශාන්ත පෙරේරා,රුහුණු වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd