IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මා ඔයෙන් මළසිරුරක් මතු වෙයි

(රුවන් පතිරණ)

කොළඹ  කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා සන්තකයේ තිබී පන්විල පොලිස් වසමේ අංක (160) ,අරත්තන උඩුගම ලිපිනයේ පදිංචි උඩගම පල්ලෙගෙදර ප්‍රියන්ත උඩගම (43) .යනුවෙන් නම සඳහන් හැදුනුම්පතක් හමුවූ බව පොලිසිය පවසයි.

ජාඇල ප්‍රදේශයේ සිට ලොරි රථයකින් කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයකු තුල්හිරිය ප්‍රදේශයේදී ලොරි රථය නවතා ශාරීරික අවශ්‍යතාවක් සඳහා මාර්ගය අයිනට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු ඒ අසල ඇති උණ පඳුර අසල මියගොස් සිටින බව දැක මාර්ගය අයිනට පැමිණ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණ.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ  දැනට මාස තුනක පමණ පෙර නිවසට නොපැමිණි බවට 2021.10.13 වන දින පන්විල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .

 



අදහස් (0)

මා ඔයෙන් මළසිරුරක් මතු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site