(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය පොලිසිය තුළදී යුද හමුදා සෙබලෙකු හා තරුණයෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ උප පොලිස් පරීක්ෂකවරයාට හොරණ අධිකරණ භූමියේ දී පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ ඉංගිරිය පොරුවදන්ඩ කොස්හේන පදිංචි පී.ලාල් දයානන්ද නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකි .
එම පුද්ගලයා පහරකෑමට ලක්වූ යුද හමුදා සෙබලාගේ පියා බව පොලිසිය කියයි.සැකකරුගෙන් පහර කෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුලත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd