IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වන අලියකුගේ පහරින් දැරියක ජීවිතක්ෂයට

(ක.ග.කරුණාරත්න සහ මනම්පිටිය නිමල් ජයරත්න)

දිඹුලාගල, ඇල්ලේවැව ප්‍රදේශයේදී අද (30) අළුයම වන අලියෙකු පහරදීමෙන් 12 හැවිරිදි පාසැල් සිසුවියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිඹුලාගල, ඇල්ලේවැව, ඩී 6 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.ජී. හිරුෂි නිෂාදි දිසානායක නැමැති දැරියයි. ඇය අළුයම නින්දෙන් පිබිදී නිවෙස අසල පිහිටි වැසිකිළියට යාමට ගිය අවස්ථාවේ ගෙවත්තේ රැඳීසිටි වනඅලියෙකු පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී තිබේ. අලියාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබාසිටි එම දැරිය ප්‍රතිකාර ලබාදීම සඳහා පොලොන්නරුව මහරෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)



අදහස් (0)

වන අලියකුගේ පහරින් දැරියක ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site