
(තිලකරත්න දිසානායක)
ව්‍යාජ මුදල් නෝට්ටු රට පුරා බෙදා හැරීම සිදු කළ බව කියන 35 හැවිරිදි පුද්ගලයකු මෝටර් රථයක් සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි.
ගම්පහ,බෙම්මුල්ල ප්‍රදේශයේ වෙළඳසලකට පසුගිය දිනෙක පැමිණි පුද්ගලයකු රුපියල් 5000 ක් මාරු කරගෙන ඇති අතර පසුව එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව දැන ගැනීම මත ගම්පහ පොලීසියට පැමිණිලි කර ඇත.
මේ අනුව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ ආරම්භ කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ ආරම්භ කරමින් බෙම්මුල්ල වෙළඳසල අසල තිබූ ආරක්ෂිත කැමරා දත්ත අනුව මෝටර් රථයේ අංකය සොයා ගෙන ඇත.
ඒ අනුව රථයේ හිමිකරු සොයා ගැනීමේදී රථය කුලී පදනම මත වලස්මුල්ල පදිංචි සැකකරු වැලිගම ප්‍රදේශයෙන් රථය ලබා ගෙන ඇති බව අනාවරණය වූ බව පොලීසිය පවසයි.
තොරතුරු අනුව පරීක්ෂණ සිදු කරමින් සිටියදී වරකාපොල සිට අදාල මෝටර් රථයෙන් සැකකරු කොළඹ දෙසට ගමන් කරන බවට ලද තොරතුරක් මත මිරිස්වත්ත ප්‍රදේශයේදී සැකකරු සමග මෝටර් රථය අත් අඩංගුවට ගැනීමට හැකි ඇත.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සල්ලි සමග තරුණයෙක් දැලේ