( පාලිත ආරියවංශ )
ඌවේ රෝහල්හි සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ .
ඌව ප්‍රධාන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය වරු පිරිසක් අතර ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදි ප්‍රධාන අමාත්‍ය වරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙත ලිඛිතව කණගාටුව පළකිරීමෙන් පසු වර්ජනය නතර කිරීමට තිරණ ය කෙරිණි.
අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා , බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට බැන තර්ජනය කර ඇතැයි පවසමින් ඊට විරෝධය පා මෙම වර්ජනය අරඹා තිබිණි.
දින තුනක් පැවැති මෙම වරජනය අවසන් වී මේ වන විට රෝහල් කටයුතු යථා තත්වයට පත්ව තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.