IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරින් තරුණයෙක් මරුට

(ශාන්ත චන්ද්‍රසිරි)

හැටන් - මහනුවර මාර්ගයේ වටවල, කැරොලිනා  ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය හරහා පෙරලී ගොස් සිදු වු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වටවල පොලීසිය පවසයි.

මෙම අනතුරින් ජීවිත්කෂයට පත්ව ඇත්තේ නාවලපිටිය, වැලිගම්පොල, දෙකිඳ ප්‍රදේශයේ පදිංචි අන්තෝනී ඩොමනික් (25) නැමැති තරුණයෙකි.

වටවල ප්‍රදේශයේ පුද්ගලික අයතනයක රැකියාවක නිරත මෙම තරුණයා රැකියාව නිම කොට යතුරු පැදියෙන්නා වලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට යමින් සිටියදී යතුරු පැදිය ලිස්සා ගොස් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිදු වු

අනතුරකින් පසුව වටවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් මියගිය තරුණයාගේ මළසිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් වටවල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.



අදහස් (0)

රිය අනතුරින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site