IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සොර දෙටුවෙක් ගම්පහින් අල්ලයි

(තිලකරත්න දිසානායක)

මිල අධික පාපැදි හතක් ඇතුලුව රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා විවිධ භාණ්ඩ සොරාගත් බව කියන 39 හැවිරිදි මත් ලෝලියකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

පෙර වැරදි පවතින බව කියන මෙම සැකකරුට විවෘත වරෙන්තු හයක් පවතින බවත් කදාන ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මොහු අධික ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවකු වන අතර සැකකරු ඒ සදහා මුදල් සොයා ගැනීම පිනිස භාණ්ඩ සොරා ගනිමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන්ට අලෙවි කොට තිබියදී සොයා ගත් බවත් පොලීසිය පවසයි.

සැකකරු  මාකෙවිට, කදාන සහ ජාඇල යන ප්‍රදේශයන්හිදී පාපැදි හතට අමතරව වාහන සේදීමේ යන්ත්‍ර , ගෑස් ලිපක් , රන් මාලයක්, ඩීසල් ලීටර් 10 ක්, හුලං ගැසීමේ යන්ත්‍රයක් , ජංගම දුරකථන ,ලැප්ටොප් පරිගණකයක් , මිල අධික විදේශීය මත් පැන් බෝතලයක් , සපත්තු සහ ටී ෂර්ට් ආදිය සොරා ගෙන අලෙවි කොට තිබියදී සැකකරුගෙන් ප්‍රශ්ණ කොට ලබාගත් තොරතුරු මත සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.

මොහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ මිලි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක්ද සොයා ගත් බවත් පොලීසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට හැකි වූ බවත් මේ සදහා මාකෙවිට ප්‍රදේශයේ වැසියන්ගෙන් විශාල සහායක් ලබාදීම සිදු වූ බවත් මෙම තත්ත්වය අගය කරන බවත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පැවසීය.

 



අදහස් (1)

සොර දෙටුවෙක් ගම්පහින් අල්ලයි

sam Friday, 23 September 2022 04:01 PM

බලපල්ලා කප්පම් ප්‍රසන්නද කියලා... පට්ට හොරු තමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site