IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඩු ප්‍රහාරයෙන් වෙන්ව ගිය අත කරාපිටියේදී බද්ධ කරයි

 ජේ.කේ.එල්.චාමින්ද
 
කඩු ප්‍රහාරයකට ලක්වීමෙන්  පුද්ගලයකුගේ  වම්  අතේ මැණික් කටුවට පහලින් වෙන්ව තිබු  කොටස  සාර්ථක සැත්කමකින් පසු යලි බද්ධ කිරිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරුන් සමත්ව ඇත. 

 
මේ සදහා ප්ලාස්ටික් හා විකලංග ශල්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ ද සහාය හිමිවි ඇත.
 
 කඩු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ව්‍යාපාරිකයකු වන අතර  ඔහු  හික්කඩුවේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වෙමින් සිටියදී  කඩු ප්‍රහාරයට ලක්ව ඇති බැව් හික්කඩුව පොලිසිය කියයි. 
 
කඩු ප්‍රහාරයට ලක්වීමෙන් මේ පුද්ගලයා වම්  අතේ මැණික් කටුවට පහලින් වූ  කොටස වෙන්ව ගොස් තිබූ අතර  එම අතේ කොටස ද සමඟ තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.
 
නහර හා අවයව බද්ධ කිරිමේ ඒකකයේ  ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය  රංජුක ඔඹේසිරි,   විශේෂඥ ප්ල්ස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස්  විජේමාන්න, වෛද්‍යවරුන් වන කපිලාන් රංජන්, ගිහාන්, කසුන් ,මුදිත යන  වෛද්‍යවරු    මෙම සැත්කම සඳහා එක්වුහ. 
 
සැත්කම සඳහා පැය පහක් පමණ ගතවී ඇත.



අදහස් (0)

කඩු ප්‍රහාරයෙන් වෙන්ව ගිය අත කරාපිටියේදී බද්ධ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site