IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බඹරු ඇන 20 කට තුවාල

(නිශාන්ත කුමාර)

මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ වෙල්යායක ගොයම් නෙළමින් සිටි පිරිසකට අද (15)   එල්ල වූ බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවූ   කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර  ඇතැයි පොලීසිය කියයි.  

මෙලෙස රෝහල්  ගත කර ඇත්තේ මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ පදිංචි පිරිසකි. තුවාල ලැබූවන් වයස අවුරුදු 45-65 ත් අතර පසුවෙති.

වෙල්යාය ආසන්නයේ වූ කෝන් ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වූ බව තුවාල ලැබූවෝ පවසති.

ගොයම් නෙළමින් සිටි පිරිස වෙත එක්වරම කඩා වැදුණු බඹර රංචුව ගොවීන්ට පන්න පන්නා පහර දී ඇති අතර බොහෝ පිරිසක්   බඹරුන්ගෙන් බේරීම සඳහා කැලෑවට වැදී ඇත. බඹරුන්ට බියේ දිවගිය කීප දෙනෙකු ඇද වැටීමෙන්ද තුවාල ලබා ඇත.



අදහස් (0)

බඹරු ඇන 20 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site