‘ගොඩනැගිලි ඉදිකරනවාට වඩා වැදගත් වන්නේ අනාගතය වෙනුවෙන් මිනිසුන් ශක්තිමත්ව ගොඩ නැඟිම යැයි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විසි එක් වැනි සංවත්සරය උළෙල අමතමින් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
‘අද බොහෝ දෙනා අපේ රටේ අධ්‍යාපනය ලබා වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යනවා. ඔබ යන්න. හැබැයි අපට ඔබේ සේවය බොහෝ වටිනවා.ඒ නිසා නැවත ලංකාවට ඇවිත් ඒ දැනුම අනාගත පරපුර වෙනුවෙන් බෙදා ගන්න.ඉපදුණු රටට සේවයක් කරන්න.
වර්තමානයේ තරගකාරී අධ්‍යාපනය හමුවේ ඉංග්‍රිසි අධ්‍යාපනයට වැදගත් තැනක් ලැබෙනවා . ජාත්‍යන්තරය සමඟ ගනු දෙනු කරන අපිට ඉංග්‍රිසි භාෂාව අත්‍යවශ්‍යයයි.අධ්‍යාපන අමාත්‍යංශයත් මේ වෙනුවෙන්ම විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා දරුවන් වගේම එහිදී ගුරුවරුන්ගේ දැනුම තව තවත් වර්ධනය කිරීමට ඔවුන් පුහුණු කරනවා. ’
පාසලේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවු ගුරුවරුන් හා කාර්යාල සේවකයනට සම්මාන පිරීනැමීය. විදුහල්පතිනි වෙනුරි හෙට්ටිආරච්චි , සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු ,නියෝජ්‍ය විදුහල්පති බන්දුල ගලප්පත්ති, යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප රුෂිරු තරංග

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.