IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දනයෙන් පීඑච්අයිලා ඉවත් වෙති


 
 
ජුඩ් සමන්ත
 
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන පුත්තලම දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා දූමායන කටයුතු සිදු නොකිරීම නිසා කිසියම් දරුවෙකු ඩෙංගු මදුරු දෂ්ඨනයකට ලක් වුවහොත් එහි වගකීම වයඹ පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් බාර ගත යුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.


පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයක් හේතුවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා දූමායන කටයුතු සිදු නොවේ.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.


“තලවිල දේවස්ථානයේ පසුගිය මාර්තු මංගල්‍යයේ විශේෂ රාජකාරි සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතීකාල දීමනා මෙතෙක් ගෙවා නැහැ. තලවිල දේවස්ථානයේ විශේෂ රාජකාරි සදහා යොදවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන්නේ දුෂ්කර සේවයක්. තම නිවෙස් වලින් බැහැරව දින කීපයක් ඔවුන් තලවිල දේවස්ථාන භූමිය තුළ රැදී සිටින බැතිමතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ක්‍රම කීපයකට රාජකාරි සිදු කරනවා. ඇත්තෙන්ම ඔවුන් රාජකාරියෙන් ඔබ්බට ගොස් සිදු කරන්නේ සේවයක්. ඒ නිසා ඔවුන්ට අතීකාල දීමනා ලබාදීම බලධාරීන්ගේ යුතුකමක්. එමෙන්ම වගකීමක්.නමුත් ඔවුන් ඒ වගකීම මෙන්ම යුතුකමද මේ දක්වා ඉටු කර නැහැ.
 
අප මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක් පැවැත්වුවා.නමුත් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. වයඹ ප්‍රධාන ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීමක් කළත් එය ලැබුනෙත් නැහැ.ඒ නිසා තමයි අපි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වුනේ.


මුලින්ම අපි සිදු කළේ මෙවර තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යට විශේෂ රාජකාරි සදහා වාර්තා නොකිරීම.දෙවනුව පසුගිය 03 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියා. 04 වැනිදා සිට සේවයට වාර්තා කළත් කේෂත්‍ර රාජකාරි වලින් වැළකී සිටීමට තීරණය කලා.



අදහස් (1)

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දනයෙන් පීඑච්අයිලා ඉවත් වෙති

nirupa Sunday, 05 August 2018 09:35 AM

ළමයි කාගේද? අපෙනේ. අපි හැමෝම හැමතැනම සුද්ද කරමු. ඒ අය කරනකන් බලන් ඉන්න එපා. කව්රුවත් අපි ගැන බලන්නේ නැහැ. අපිට තියෙන්නේ අපි ගැන බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 558 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 492 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site