IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැසි ඉල්ලා 400ක් පාගමනින් උඩ මළුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
නියඟය හමාර කරමින් වැසි ලැබී ගොවි බිම් සශ්‍රීක කරන ලෙස ආයාචනය කරමින් නවගත්තේගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව ජයශ්‍රී මා බෝ සමිඳුන් වෙත දින තුනක විර්ය පාරමිතා පා ගමනක් ආරම්භ කළහ.

 
 17 වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම විර්ය පාරමිතා පාද චාරිකාව පසුගිය යුද සමයේ රණවිරුවන්ට ආශීර්වාද කරමින් ආරම්භ කළ බවත් ඉන් පසු විවිධ හේතු මුල් කරගනිමින් නවගත්තේගම මුල්ලේගම රජමහා විහාරස්ථානයේ සිට කිලෝ මිටර් 75 ක් දුර ගෙවමින්   ජය ශ්‍රී  මා බෝධින්  වහන්සේ ගේ ආශීර්වාද අයදිමින් ගමන් කරන  බවත් එහි ප්‍රධාන සංවිධායිකාව වන එච් .ඒ .සුමනාවතී මහත්මිය පැවසුවාය.
 
 මෙවර මෙම විර්ය පාරමිතා පාද චාරිකාවේ අරමුණ වී ඇත්තේ   නවගත්තේගම ඇතුළු ප්‍රදේශ ගනනාවකට වසර හතරකට අධික කාලයක් පුරා වැසි නොලැබීම හේතුවෙන් ජනතාව අත් විඳින පීඩාවෙන් මුදවා ගෙන වැසි ලබා දෙන ලෙසට ජය ශ්‍රී මා බෝධින් වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීම   බව ද ඇය කීවාය.   
 
 මෙම පාද චාරිකාවට 400 කට ආසන්න  පිරිසක් එක්ව සිටිති.    ඇසළ පොහෝ දින අනුරාධපුර යට ළඟා වීමේන් පසු ජය ශ්‍රී මා බෝධින් වහන්සේ අභියස  ආගමික වතාවත්වල නිරත වීමට නියමිතව ඇති බව සංවිධායකයෝ කියති.


 



අදහස් (0)

වැසි ඉල්ලා 400ක් පාගමනින් උඩ මළුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site