IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොරි-ටිපර් දෙකක් එකිනෙක ගැටෙයි

(සිතුම් චතුරංග)

යාපනය, නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, නවගමුව ප්‍රදේශයේ දී අද (15) උදෑසන ලොරි රථයක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකළ බව ඊරට්පෙරියකුලම පොලිසිය පවසයි.

වවුනියාව සිට අනුරාධපුර බලා ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී ටිපර් රථ රියදුරු තුවාල ලබා රෝහල් ගතකළ බවද පොලිසිය සඳහන් කළේය.

සිදුවූ අනතුරින් ටිපර් රථ රියදුරු පැයකට ආසන්න කාලයක් රථයේ සිරව සිටි බවත් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා තුවාලකරු පිටතට ගෙන වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

ටිපර් රථයේ රියදුරු විසින් තවත් වාහනයක් පසුකර යෑමට ගත් උත්සහයේ දී ලොරි රථයේ ගැටී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් ඒ-9 මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබිණි.

අනතුර හේතුවෙන් ලොරි රථය හා එහි රියදුරු පොලිස් බාරයට ගෙන ඇති අතර ඊරට්පෙරියකුලම රථවාහන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ලොරි-ටිපර් දෙකක් එකිනෙක ගැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site