සිතුම් චතුරංග
දැඩි ආරක්ෂිත සත්වයකු වන කිරි ඉබ්බන් දෙදෙනකු මරා මස් රැගෙන යමින් සිටි ධීවරයකු අද (29) වවුනියාව ඊච්චන්කුලම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඊච්චන්කුලම පොලිසිය පවසයි.
ඊච්චන්කුලම වැවෙහි සිටි ඉබ්බන් අල්ලා මස්කරන තැනැත්තකු පිළිබඳ ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා ඔහු සතුව තිබී කිලෝ එක හමාරක ඉබි මස් තොගයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූයේ සැකකාර ධීවරයා මසුන් අල්ලන මුවාවෙන් ඉබ්බන් දඩයම් කර ඇති බවත් මස් කළ ඉබ්බන් නිවස වෙත රැගෙන යාම සඳහා සූදානම්ව සිටි බවද පැවැසීය.
කිරි ඉබ්බන් විශේෂය දැඩි ලෙස ආරක්ෂාකාරී සත්වයකු වන බවත් සැකකරු දීර්ඝ කාලයක සිට ඉබ්බන් දඩයමේ යෙදී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද කීය.
අත්අඩංගුවට ගත් සැකකරු ඊච්චන්කුලම අම්බෙවෛත්‍යන්කුලම පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.