IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ නාගරික මරණ පරීක්ෂකවරු දෙදෙනාගේ පෙත්සම විභාගයට අවසර

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

නීතීඥවරුන් නොවන දෙදෙනෙකු කොළඹ නාගරික මරණ පරීක්ෂකවරුන් හැටියට පත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔවුන්ගේ සේවා කටයුතු වළකාලන ලෙස ඉල්ලා කොළඹ නාගරික මරණ පරීක්ෂකවරුන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) අවසර ලබා දෙන ලදී.

මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අදාළ නාගරික මරණ පරීක්ෂකවරු දෙදෙනාගේ සේවා කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්ද නිකුත් කළේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන ඔක්තෝබර් 11 වැනි දින විභාගයට ගැනීමට නියෝග කෙරිණි.

මෙම පෙත්සම ප‍්‍රසන්න ජයවර්ධන ,මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  සළකා බැලිණි.

කොළඹ නාගරික මරණ පරීක්ෂක අෂ්රොෆ් රූමි , කොළඹ අතිරේක නාගරික පරීක්ෂක ඉරේෂා දිල්ශානි සමරවීර මහත්ම මහත්මීන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු අටදෙනෙකු නම් කරනු ලැබ ඇත.



අදහස් (0)

කොළඹ නාගරික මරණ පරීක්ෂකවරු දෙදෙනාගේ පෙත්සම විභාගයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site