
(චාපා මධුභාෂිණි)
හිඟුරක්ගොඩ ගැමුණුපුර අබොරිස් අමුණේ එරි හිඟුරක්දමන ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පාලිත ඒකනායක නමැති 38 හැවිරිදි විවාහකයෙකි.
මියගිය අය ගවයන්ට තණ කැවීම සඳහා එම ප්‍රදේශයේ වෙල්යායකට ගොස් ආපසු ගවයන් දක්කාගෙන එමි සියදී අබෝරික් අමුණ හරහා යාමට උත්සහා කිරීමේදී එමුණෙ එරී ඇත. පසුව ඇද හැළුණු වර්ෂාව නිසා අමුණේ ජලය වැඩිවීම නිසා දියේ ගිලි මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
කිසියම් පුද්ගලයකු අබොරිස් අමුණ මැද සිටිනු දුටු ප්‍රදේශවාසිකු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය පැමිණි පරීක්ෂණ ආරම්භ කර ඇත.
හිඟුරක්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd