(මනෝජ් හර්ෂික)
කොළඹ මහනුවර මාර්ගයේ දෙපස පැළ 2500ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පේරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බැලුම්මහර, සේරුවිල ප්‍රදේශයේ දී සිදු කෙරුණි.
මෙහිදී නා පැළ හා ඇසළ පැළ මාර්ගය දෙපස රෝපණ කිරීම සිදු කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සිදු වේ.
ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කඩවත සිට නිට්ටඹුව දක්වාත් දෙවන අදියර ලෙස නිට්ටඹුවේ සිට මහනුවර දක්වාත් රුක් රෝපණය සිදු කිරීමට නියමිතය.

COMMENTS
ඉතාම අගනා කටයුත්තක්.. හැබැයි පාර අයිනෙ තිබෙන විදුලි රැහැන් යට ගස් හිටවීම තේරුමක්ම නැතිදෙයක්. ඒක විදුලි බල මණ්ඩලයට කරදරයක් වගේම වරින් වර එව්වා උසයද්දි කපන්න අනවශ්‍ය වියදමක් වාර්ෂිකව වැය වෙනවා.( ගම්පහ අළුත් මිනුවන්ගොඩ පාර හොඳ උදාහරණයක් ඒකට ) .තවත් බොහෝ ප්‍රදේශවල මම ඒ දේ දැක තිබෙනවා . දුර දිග බලලා මෙවන් වැඩ කරන එක තමා නුවණට හුරු.