(දියතලාව - ඩී.කේ.රත්න)
වැල්ලවාය හම්බෙගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායක ගංජා පාර්සල් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු ගංජා කිලෝ ග්‍රෑම් 206 ක් සමග අද (27) පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පැවසීය.
ඇඹිලිපිටිය මිද්දෙනිය පදිංචි වයස අවුරුදු 36 , 37 , 32 වන තිදෙනෙකු සහ වැල්ලවාය කුඩාඔය පදංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙකු මෙම ගංජා තොගයත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ (නාකොටික් ) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හම්බෙගමුව පොලිසියට බාරදී තිබේ.
හබ්බෙගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි හම්බෙගමුව පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
2025 ඔක්තෝබර් මස 08
1453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1307
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගංජා පාර්සල් කරමින් සිටි 4ක් අත්අඩංගුවට