(දයාරත්න ඇඹෝගම)
දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිත ඉඩමක අඩක් පිලිස්සි ගිය 22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දේවානම් පියතිස්සපුර, පස්වන පටුමගේ පදිංචිව සිටි අලිකපුර් මොහොමඩ් මපාස් (22)නැමති තරුණයෙකි.
මිය ගොස් ඇති තරුණයා අනුරාධපුර නව නගරයේ වෙලද සැලක සේවය කළ අයෙකි.
මියගිය අය 23 දින රාත්‍රි නිවසේ සිටි බවත් පසුදින උදැසන පහයි තිහට පමන සොයා බලද්දි ඔහු නිවසේ නොසිටි බවත් ඒ අනුව සිදුකළ සොයා බැලිමේදි රජයේ රක්ෂිත ඉඩමේ අඩක් පිලිස්ස මිය ගොස් සිටි අය හමුවු බවද ඔහුගේ ඥාතින් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd