(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවලදී කෝටිපති ව්‍යාපාරිකයෙකු අද (29) සිය නිවස ඉදිරිපිටදී වෙඩි වැදි මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල ගාලුපාර නගර ශාලාව ඉදිරිපිට පදිංචිව සිටි ක්‍රිෂාන් ඩල්ජිත් මුණසිංහ නැමැති 64 හැවිරිදි අයෙකි.
‘‘මම වෙඩි තියා ගන්නවා කාටවත් දොස් කියන්න එපා‘‘ යැයි පවසා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට සිංහල හා ඉංග්‍රිසි බසින් මෙම පුද්ගලයා ලිපියක් ලියා ඇතැයි පොලිසිය කියයි.
මල සිරුර තිබූ ස්ථානයේ තිබී මියගිය ව්‍යාපාරිකයාට අයත් බලපත්‍ර සහිත බෝර දොලහ වර්ගයේ ගිනි අවියක් සිය බාරයට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd