(රොමේෂ් මධුෂංඛ)
නැවත ත්‍රස්තවාදයක්, ආයුද කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද (03) පෝස්ටර් අලවා තිබූ බව කිළිනොච්චි වැසියෝ කියා සිටිති.
මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පදිංචි ප්‍රදේශය වන වඩ්ඩකච්චි ප්‍රදේශයේත්,විශ්වමඩු ප්‍රදේශයේ සහ කිළිනොච්චිය නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන වල මෙම පෝස්ටර් දමිළ භාෂාවෙන් අලවා ඇත.
අදාළ පෝස්ටර් මගින් පෙන්වා දී ඇත්තේ වසර 30 ක යුද්ධය හේතුවෙන් බැටකෑ ජනතාවට නැවත යුද්ධයක් අවශ්‍ය නොවන බවයි.එමෙන්ම හිස ඔසවා ඇති පාතාලය මැඩලීමට රටේ ඇති ආරක්ෂක අංශ වෙතට සහය ලබා දෙන බවද එම පෝස්ටර් වලින් පෙන්වා දී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd