IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හැටන් - නිව්වැලිගම නායයෑම තවදුරටත් සක්‍රීයයි

(ශාන්ත චන්ද්‍රසිරි)

 

හැටන්, නෝවුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ පසුගියදා ඇති වු නායයාම තවදුරටත් සක්‍රීය මට්ටමේ පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන බාර නිලධාරී, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා කීය.

මෙම නායයාම නිසා නිව්වැලිගම ගම්මානයේ නිවාස පහක් හා හැටන්- බගවන්තලාව මාර්ගයේ කොටසක් සම්පුර්ණයෙන් විනාශයට ලක්විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු ද මේ වනවිට සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.

නිව්වැලිගම නායයාමට ලක්ව ඇති ස්ථානයට වැහි වතුර ගලා ඒම අඩු මට්ටමක පැවැතීම නිසා මේ වනවිට එම ස්ථානයේ ගැලැවී ගොස් ඇති පස් තට්ටු රැදී පවතින බවත් එම ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වුවහොත් තවදුරටත් එකී ප්‍රදේශය නායයාමට ලක්වීමේ අනතුරුදායක තත්ත්වයක් පවතින  බවද ඒ මහතා කීය.

හැටන්- බගවන්තලාව මාර්ගය කාපට් කිරීමෙන් පසුව එම ස්ථානයේ මාර්ගය ඉරිතැලීමත් සමඟ සිදු කරනු ලැබු භූ විද්‍යා පරික්ෂණවලදී මෙම නායයාම හඳුනා ගන්නා ලද පසුව එම ස්ථානයේ පදිංචි පිරිස් ඉවත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා පැවැසීය.

 



අදහස් (0)

හැටන් - නිව්වැලිගම නායයෑම තවදුරටත් සක්‍රීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site