(සමන් පාලිත නානායක්කාර)
අකුණු සැර වැඳීමෙන් හල්දුම්මුල්ල කොස්ලන්ද දියහිටිතැන්න නිවසක් අද (31) විනාශ වූ බවත් එහි සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කළ බවත් හල්දුම්මුල්ල අපදා කළමනාකරණ ඒකකය පවසයි.
අකුණු සැර වැඳීමෙන් දියහිටිතැන්න ඉහළ කොටසේ නිවාස 10 ක විදුලි උපකරණ බොහෝමයක් ද විනාශ වී ඇති බව එම ඒකකයේ නිලධාරියෙක් කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.