IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිවාස බිඳ මැණික් ගල් 47ක් ඇතුළු දේපළ කොල්ල කෑ දෙකක් මාට්ටු

(විමුක්ති එස් රැද්‍රිගු)

රාගම වැලිපිල්ලැව ප්‍රදේශයේ නිවෙස් හතරක් බිඳ එහි දේපොළ කොල්ල කෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

මෙම සැකකරැවන් නිවාස 4 කින් ලක්ෂ 30 කට අධික භාණ්ඩ කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී සැකකරුවන් පැහැර භාණ්ඩ අතර මැණික් ගල් 47 ,රැපියල් 65000 පමණ වටිනා අත් ඔරලෝසු, රැපියල් 45000 පමණ වටිනා මුදල් පසුම්බියක්, රත්තරන් මාල 3, ජංගම දුරකථන 2ක් ,රූපවාහිනියක් ,යතුරු පැදියක් සමග ලක්ෂ 30 පමණ වටිනාකමින් යුත් දේපල පොලිස් භාරයට ගැනීමට රාගම පොලිස් නිලධාරීන් සමත් විය .

මෙම සැකකරුවන් දෙදෙනා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අය දිනකට රැපියල් 5000 පමණ මත් ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී ඇති බව වැඩි දුර විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත.

කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක භාවන්ත රාජකරුණා ,උප පොලිස් පරීක්ෂක යු.ඩි අබේරත්න , පොලිස් කොස්තාපල්වරුන් වන 27096 උපනන්ද ,78997 පෙරේරා , 79574 සඳුන් පොලිස් කොස්තාපල් රියදුරැ 33250 කුමාර යන මහත්වරැන් විසින් විමර්ශන කටයුතු සිදු කර ඇත.

 



අදහස් (0)

නිවාස බිඳ මැණික් ගල් 47ක් ඇතුළු දේපළ කොල්ල කෑ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site