
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
රුපියල් කෝටියක වියදමින් කොන්ක්‍රීට් කිරිමට යොජිත කොළොන්න, ඇරැපෝරුව, උඩවළකඩ හරහා බෝගස්තැන්න පාරේ වැඩ නිමකර දෙන්නැයි ඉල්ලමින් අද ( 18) බෝගස්තැන්න හන්දියේ මහජන උද්ගෝෂණයක් පැවැත්විණි .
කොන්ක්‍රීට් නොකර මාස අටක් තිස්සේ පාර මට්ටම්කර කොන්ත්‍රාත්කරු පලාගොස් ඇතැයි විරෝධතාවට එක්ව සිටිය අය පැවසූහ.
පාරේ මුලු දුර කිලෝමීටර් තුන හමාරකි. කුඩා ළමයින්, වැඩිහිටියන්, තරුණ ප්‍රජාව සහ ගැබිනි කාන්තාවන් විරෝධතාවට එක්ව සිටියහ. විරෝධතා පාඨ ලියූ පුවරු ද ඔවුන් අත විය.
මට්ටම් කරන ලද පාර වැස්සට සේදීයාම නිසා තැනින් තැන කාණු හැදී වළවල් ද, ගොඩැලිද තිබෙන බව විරෝධතාකරුවෝ කීහ.
ඒ් නිසා ත්‍රීරෝද රථයකටවත් පාරේ යා නොහැකි බව කීහ. එබැවින් ගමේ අයට පයින් පවා යා නොහැකි ලෙස පාර අබලන්ව ඇති පෙන්වා දුන්හ.
පාසල් පටන්ගත් පසු ඇරෑපෝරුව, උඩවළකඩ, බෝගස්තැන්න ගම්වල දරුවන්ට කිලෝමීටර් තුනක් තුන හමාරක් පයින් පාසල්වලට එන්නට සිදුවන බව ද විරෝධතාකරුවෝ කීහ. එබැවින් පාර කොන්ක්‍රීට්කර ඉක්මනින් වැඩ නිමකර දෙන ලෙස උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද, උද්ඝෝෂකයෝ කීහ.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාරක් හදා දෙන්නැයි ගැමියෝ පාරට