( රංජිත් රාජපක්ෂ සහ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
අඹගමුව ප්‍රදේශිය සභාව යටතේ පාලනය වන ගිනිගත්හේන පේරගොල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම මාර්ගය දෙපස ගම්මාන පහක පදිංචිකරුවෝ අද(13) උද්ඝෝෂණයක නියැලුණහ.
ගිනිගත්හේන නගරයෙන් එම මාර්ගයට පිවිසෙන හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ දි මාර්ගය අවහිර නොකර සාමකාමි ලෙස උද්ඝෝෂණය පැවැත්විණි.
කිලොමිටර් 6 කින් යුක්ත මෙම මාර්ගය වසර 6 කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා එම මාර්ගයේ මේ වන විට විශාල වලවල් හැරි මාර්ගය අබලන්ව තිබේ.
මේ හේතුවෙන් රථවාහන ගමනා ගමනයට මෙන්නම ගම්වාසීන් මුහුණ දෙන දුෂ්කරතාවන් පිළිබඳ පවසමින් ඔවුහු මෙම උද්ඝෝණයේ නියැලුණහ.
ගිනිගත්හේනෙ කිනිගල,කපුගෙදර,කොස්වත්ත,පේරගොල්ල,හොරකඩ,ඇතුළු ග්‍රාමසේවා වසම් දෙකකට අයත් පවුලු 1500 පමණ මෙම ගම්මාන වල පදිංචිව සිටින අතර ,එහි පදිංචිකරුවෝ රජයේ රැකියාවල ,කුලි වැඩ සහ තේ වගාව ජිවන උපාය වශයෙන් සිදු කරන්නෝ වෙති.
මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලන බව උද්ඝෝෂකයෝ පවසති.



2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාරක් හදා දෙන්නැයි උද්ඝෝෂණයක්