( ප්‍රසාද් රුක්මල් )
ඇල්ල ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරුවයි සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
අලවංගු 2ක් ,පිකස් 1ක්, උදලු 2ක් ,බාල්දියක් ,පොල්ගෙඩියක්,නූල් බෝලයක් ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.
දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු ,නාවලගම ගල්කොටුව 53 හැවිරිදි පුද්ගලයකු , බල්ලකෙටුව නාවලගම 51 හැවිරිදි පුද්ගලයකු , සහ බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ 44 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කීවේය.
ඇල්ල පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන මොවුන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
මොහුන් ඉඩමේ අඩි 9ක් පමණ ගැඹුරට පොළොව හාරා තිබිණැයි පොලිසිය පැවසීය .බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී .කේ .ජේ අපොන්සු ,බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අබේගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.