IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංචරණ නීති කඩ කළ 19 ක් නිට්ටඹුවෙන් අල්ලයි

(ආනන්ද ඉ ජයකොඩි)

ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කරගනිමින් අද (18) නිට්ටඹුව ප්‍රදේශයේ කරන ලද හදිසි  සෝදිසි මෙහෙයුමකදී සංචරණ සීමා නීතිය උල්ලංඝනය කරන ලද පුද්ගලයින් 19 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නිට්ටඹුව නගරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කිරීමෙන් පසුව ඒ මගින් දෙන ලද වීඩියෝ වාර්තා ඔස්සේ පොලිස් යතුරු  පැදි කණ්ඩායමක් සංචරණ නීති කඩ කරන්නන් සොයා ගොස් අත් අඩංගුවට ගැනීම සිදු කරනු ලැබීය.

එසේ අත් අඩංගුවට ගෙන ඇති දහ නම දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ උපදෙස් පරිදි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන් නිට්ටඹුව නගරයේ සිට  කරන ලද මෙහෙය වීම යටතේ නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර පිටිගල හා එහි රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මදුරප්පෙරුම යන මහත්වරු ප්‍රමූඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් සෝදිසි මෙහෙයුමට සහභාගි වූහ.

 

 



අදහස් (0)

සංචරණ නීති කඩ කළ 19 ක් නිට්ටඹුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site