IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිධන් ගන්න ගිය 4ක් අත්අඩංගුවට

(ලලිත් නවරත්න)
 
පල්ලම පොලිස් බල ප්‍රදේශයේ මදවක්කුලම වෙන්දකඩුව මොහොමඩ් වත්ත කැළයේ ගල්තලාවක් සහිත හුදකලා ප්‍රදේශයක නිධානයක් ගැනීමට  කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත් අඩංගුවට ගත්බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

කැනීම් සඳහා උපයෝගී කරගත් භාණ්ඩ තොගයක් ද  පොලිස් බාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවටපත්ව ඇත්තේ දෙහිවල, මදවක්කුලම,  දූනගහ, මිනුවන්ගොඩ යන විවිධ වලාත්වල පදිංචි වයස අවුරුදු 67,  22,  26 සහ 37 වයස්වල පසුවන පුද්ලයින් සිව්දෙනෙකි.

මෙහි 67 වයසේ  පසුවන්නේ ප්‍රධාන සැකකරුබවත් ඔහු කට්ටන්ඩියා වශයෙන් කටයුතු කර ඇතිබවත් දැනට කළ විමර්ෂණ වලදී තහවුරුවී ඇතැයි පොලීසිය කියයි.

පුත්ලම කොට්ඨාස අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීමසිදුකර ඇති අතර වැටලීම් සිදුකරන අවස්ථාවේදීත් කැණීම්  සිදුකරමින් සිටි බව පොලිස් විමර්ෂණ කණ්ඩායම පවසයි. 

සැකකරුවන් කැණීම් කරන ලදවල මතුපිටින් විෂ්කම්බය අඩිදෙකක පමණ වූ අතර අභ්‍යන්තරයට යනවිට එඑය අඩි 12ක ප්‍රමාණයට වැඩිකර ඇත.

කැනීම්කළ ස්ථානයේ ඇතුලතට බැසීමට වැල්පටවලින් සහ ලී වලින් සාදාගත් ඉනිමගක්ද ඇතුලත පස් සහ ගල්කැබලි ඉවතට ගැනීමට යොදාගත් බොලොක්කයක්ද විමර්ෂණ කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුන් නඩු භාණ්ඩත් සමග පල්ලම පොලිස්ථානයට භාරදී ඇති අතර ඔවුන් අද (19 )අධිකරණයට ඉදිරිපත් කරන බව පල්ලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන මහතා පවසයි.

පුත්තලම  නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උපදෙස්මත පුත්තලම කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ සහකාර පොලිස් අධිකාරී එච්. එම්. සී. හේරත් යන පොලිස්  නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක සරත්,උපපොලිස් පරීක්ෂක පද්මසිරි, පොලිස් සැරයන් අමරසිරි 41305,  ආනන්ද 382, හේරත් 43383 යන පොලිස් නිළධාරීන් මෙම වැටලීම සිදුකර පරීක්ෂණ සිදුකරනු ලබයි.



අදහස් (0)

නිධන් ගන්න ගිය 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site