(ඩබ් ඒ. පියතිලක)
මුදලට බූරු ගැසූ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුත් යුද හමුදාවේ එක් අයකු සමඟ 6දෙනෙකු හිඟුරක්ගොඩ උල්පත් ඇළ ප්‍රදේශයේදී අද (04) අලුයම කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරන දෙදෙනෙක් ද, පොළොන්නරුව සේවාගම යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකු වන බව පොලිසිය පවසයි.
මෙම සුදුපිටිය පවත්වාගෙන ගිය හිගුරකගොඩ උල්පත් ඇළ ප්‍රදේශයේ නිවස හිමිකරු ඇතුළු පිරිස උල්පත් ඇළගම සහ හිඟුරක්ගොඩ පදිංචිකරුවෝ බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර රුපියල් 4000 ක් පමණ තිබී පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd