( දිල්රුක්ෂි ග්‍රේරු)
ගම්පහ දිස්ත්‍රික්කයේ කළ විශේෂ වැටලීමකදී සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස සහ නිත්‍යනුකූල බලපත් නොමැති අයුර්වේද මධ්‍යස්ථාන 43 ක් වටලා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 82 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ගණිකා වෘත්තියේ නියැළී සිටි කාන්තාවන් 67දෙනකු සහ එම ස්ථාන කළමනාකරණය කළ පිරිමි පුද්ගලයින් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දහවල් කාලයේදී සහ රාත්‍රියේදී මෙම වැටලීම් සිදු කර තිබේ.
බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝග උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීහු මෙම වැටලීම කළහ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අය වන අතර වයස අවු 18 - 40 අතර වියේ පසු වන අය බව පොලීසිය පවසයි.
මොවුන් සියලු දෙනා අද (01) ගම්පහ අදාළ පොලිස් ස්ථාන මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළමනාකරණය කල පිරිමි 15?' එතකොට පාරිබෝගයෝ කවුරුත් නැද්ද ?