
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය මීගස්වැව පොලිසිය කියයි.
ඒලෙස වල් අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ බිසෝබණ්ඩාරගම පදිංචි ශාන්ත කුමාර නමැති වයස අවුරුදු 39 යුද හමුදා සෙබලෙකි.
මරණකරු තම සහෝදරයාගේ නිවසේ සිට රාත්‍රී 11 පමණ ඒ් අසල ඇති වෙළඳසලකට යමින් සිටියදී මෙම වල් අලි ප්‍රහාරයට ගොදුරුවී ඇත.
සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම අසල්වාසීන් මෙම පුද්ගලයා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.