
(එම්.සුසිල් ප්‍රියන්ත)
මිනිස් ඝාතන තුනක් අතුළු මහා පරිමාණයේ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන මත් කුඩු ජාවරම්කරුවකු වන ‘කූපියා’ නමැත්තා මත් කුඩු සහ රුපියල් දෙලක්ෂ විසිපන්දහසක මුදලක් සමග රත්ගම පන්නිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය කියයි .
සැකකරුට අවස්ථා දෙකකදීම විරුද්ධ කණ්ඩායම් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා දරා ඇති බවත් එම අවස්ථා දෙකේදීම සැකකරු වෙඩි වැදී තුවාල ලබා ජීවිතය බේරාගත් බවද පොලීසිය සඳහන් කළේය.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15) රාතියේ සිදු කළ විශේෂ මෙහෙයුමදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
සකකරු අද (16 ) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd