(නුවන් කුමාර)

එළඹෙන මාස් කන්නයේ වගා කටයුතු සදහා රසායනික පොහොර,වල් නාශක සහ කෘමිනාශක වහා ලබාදෙන ලෙස රජයට  බලකරමින් එප්පාවල නගරයේදී  ගොවි උද්ඝෝෂණයක් අද ( 18 ) උදෑසන  පැවැත්විණි

මාස් කන්නය සදහා මහවැලි අධ්කාරිය මගින් ජලය ලබාදුන්නද පොහොර සහ වල් නාශක නොමැති බැවින් වගාකටයුතු සිදුකළ නොහැකි නිසා තම කුඹුරු පුරන් වන බව උද්ඝෝෂකයෝ පැවසූහ .

රජය ගෙනයන අදූරදර්ශි  ක්‍රියාව නිසා ගොවියාගෙ මළගම ඇතක නොවන බව ගොවියෝ පෙන්නවා දුන්හ. වර්තමාන රජය බලයට ගෙනා ආ අයුරින් ම ගෙදර යැවීමට තමන් පසුබට නොවන බව ගොවියෝ කීහ.

එප්පාවල කොට්ඨාස අනුකමිටුවේ ගොවි සංවිධාන 22 ක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.