( තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් කොට්ඨාසයේ සිදු කළ පැය 10 ක විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන්, අපරාධකරුවන් ඇතුලු 231 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
ගම්පහ කොට්ඨාසයට අයත් පොලිස්ථාන 15 මගින් මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර මෙහිදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 154 දෙනකු , අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 6 දෙනකු , මත් ද්‍රව්‍ය ඇතුලු දූෂණ සම්බන්ධයෙන් 72 දෙනකු සහ සැකපිට 15 දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී මත්පැන් ලීටර් 1,69,750 ක් සහ ගෝඩා ලීටර් 714 ක් සමග සැකකරුවන් 27 ක්, අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 7 ක්, හෙරොයින් ග්‍රෑම් 33 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 20 ක් සහ ගංජා ග්‍රෑම් 13 ක් සමග සැකකරුවන් 15 දෙනකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති විජය ශ්‍රි දමයන්ත සහ ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස්ථාන බාර සහකාර පොලිස් අධිකාරිවරුන් සහ අදාල පොලිස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීම මත සිදු මෙම විශේෂ මෙහෙයුම සිදු කොට ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ හදිසි මෙහෙයුමෙන් 231අල්ලයි
sharm warn Monday, 15 November 2021 02:37 PM
අපෝ ගම්පහින් අහුවෙන කට්ටිය නිදොස් කොට නිදහස් වෙනවනේ .ප්‍රවෘර්තියක් හැටියට දානවටත් පාඩුයි